katatarasata.com

 

 

සෝඩා බ්‍රෙඩ් - Soda bread

- උරේෂා උරේෂා විසිණි.



මුලින්ම මේ ප්‍රමාණයෙන් පොඩි පාන් එකක් හදල බලන්න.

285 g පාන් පිටි

බේකින් සෝඩා තේ හැදි 1 ක්

ලුනු තේ හැදි 1 ට චුට්ටක් අඩුවෙන්.

සීනි තේ හැදි 1 ක්

බටර් මිල්ක් කප් 1 ක්

xxx බේකින් සෝඩා වෙනුවට බේකින් පවුඩර් ගන්නවනම් මේ පිටි ප්‍රමාණයට තේ හැදි 3 ක් ගන්න.

xxx බටර් මිල්ක් නැතිනම් මම වගේ රස මිශ්‍ර නැති යෝගට් ගන්න. එහෙමත් නැතිනම් ෆ්‍රෙශ් මිල්ක් කප් 1 ට විනාකිරි හෝ දෙහි ඇඹුල් මේස හැදි 1 ක් එක් කරල විනාඩි 8 ක් තියල ( මේ රෙසිපි එකට - හොදින් කූල් කරල ) ගන්න.

xxx සවර් ක්‍රීම් ගන්නවනම් කප් එකට ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3-4 ක් මිශ්‍ර කර ගන්න.

එහෙනම් හදමු.

ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාන්න.

අවන් එක 200 c වලට හෝ Halogen oven / Inferred oven

Glass Convection Oven අවන් නම් 180 c වලට රත් වෙන්න දාන්න.

පිටි වලට සීනි , බේකින් සෝඩා සහ ලුනු එක් කර හොදින් මිශ්‍ර කරන්න.

එයට කූල් බටර් මිල්ක් එක් කර හැන්දකින් ඝනට එනතුරු කලවම් කරන්න.

ඉක්මනින් පැතලි මතුපිටක දමා මෝලියක් වන සේ අනන්න. මෙය ඉක්මනින් අත සැහල්ලුවෙන් 8 වරක් පමණක් හරවමින් කල යුතුයි. නැතිනම් පාන් හයිය ගතියක් එනවා. පාන් පිටි එක් කරන්න එපා ඇලෙන ගතිය ආවට. දැති සහිත පිහියකින් මතුපිට කතිර ලකුනක් ආකාරයට කැපුමක් දමන්න.

ඉතාමත් ඉක්මනින් ට්‍රේ එකේ තබා බේක් කරන්න. මෙය ප්‍රමාද නොවිය යුතුයි.

200 c වලට විනාඩි 20 ක් බේක් කර ඉතිරි විනාඩි 20 උශ්ණත්වය 180 c වලට අඩු කර බේක් කරගන්න.

රැක් එකක් මතට ඉවත් කර රෙදිකඩකින් වසා විනාඩි 30 ක් පමණ තබා කෑමට ගන්න.

xx කුඩා පෑන් එකකට උතුරණ වතුර කප් එකක් එක් කර එය අවන් එක ඇතුලෙ කොනක තබා පාන් සෑදීමෙන් සොෆ්ට් පාන් සාදගන්න පුලුවන්.

xx මේ පාන් තැටි හෝ අච්චුවල නොදමා රවුම් හැඩයට සකසා ට්‍රේ එකක සාදා ගන්න.

උරේෂා උරේෂා ගේ වෙනත් කෑම වට්ටෝරු


සෝඩා බ්‍රෙඩ්
උරේෂා උරේෂා

අලුවා
උරේෂා උරේෂා

රටඉදි තල බෝල
උරේෂා උරේෂා

කිරි ටොෆී ( මයික්‍රොවේව් )
උරේෂා උරේෂා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 689
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 487
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 504
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20322
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17258
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16552
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12545
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'